විදුලි සෝපාන තාක්ෂණය කාලයක් පටන් මිනිස් මාංශ පේශි ශක්තියෙන් ධාවනය වන මූලික එසවුම් උපකරණ වල සිට අතිශය නවින සහ සංකීර්ණ මයික්‍රෝ ප්‍රොසෙසර් තාක්ෂණය භාවිතා වන උපකරණ දක්වාම පරිනාමය වී තිබේ.
නමුත් ඉතා ඈත අතීතයේදී ඉතා උස් ස්ථාන සදහා භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය ඉතා දුශ්කර වූ හෙයින් 236BC හී දී පුරාණ ග්‍රීක ගණිතඥයෙකු වූ ආකීමිඩ්ස් විසින් ලොව ප්‍රතම හා මිනිස් බලයෙන් ක්‍රියාත්මක වන විදුලි සෝපානය නිර්මාණය කරන ලදී. මෙම ප්‍රාතමික උපකරණය සමන්විත වූයේ ලී භාවිතා කර සාදන ලද තිරස් තට්ටුවකින් හා වටකර සාදන ලද කූඩුවකින්ය. එය ලනුවක් සමග සම්බන්ධ කොට මිනිස් හෝ ගොනුන්ගේ ශාරීරික බලයක් යොදා ඈදීමෙන් ජලය හා ඉතා බර වු ගොඩනැගිලි ද්‍රව්‍ය උස් ස්ථාන සදහා ගෙන යන ලදී.
ප්‍රංශයේ XV වන ලුවී රජු “පියාඹන පුටුව” ලෙස හැඳින්වෙන උපකරණයක් වර්සයිල්ස් හි මාළිගාවේ ස්ථාපනය කරන තෙක් සිරස් ප්‍රවාහන තාක්‍ෂණය පසුකාලීන ශතවර්ෂ වලදී එලෙසම පැවතුනි. කෙසේ වෙතත් ලුවී රජුගේ මේ උපකරණය රජුගේ මහල් නිවාසය හා මාලිගාවේ ඉහළ තට්ටුවේ පිහිටි ඔහුගේ අනියම් බිරිඳගේ මහල සමඟ සම්බන්ධ කළ අතර, එය ක්‍රියාත්මක වූයේ ස්පන්දන පද්ධතියක් (pulley system) හා ලනුවක් මගින් සම්බන්ධ වූ ප්‍රතිතෝලකයක් (Counterweight) මිනිස් බලය යෝදා කරකැවීම මගිනි. එහි ප්‍රතිපලයක් ලෙස මේ පියාසර පුටුව ලෙස නම් කරන ලද උපකරණය මගීන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද සෝපානයක් ලෙස ඉතිහාසයට එක් විය.
ප්‍රංශයේ XV වන ලුවී රජුගේ “පියාඹන පුටුව” |
කාර්මික විප්ලවයත් සමගම 1765 දී ජේම්ස් වොට් විසින් වාශ්ප එන්ජිම සොයා ගෑනීමත් සමග ගල්අඟුරු, දැව හා උස් ගොඩනැගිලි සංවර්ධනය කිරීමට වානේ කදම්බ ගොඩනැගිලි වල තට්ටු අතර ගෙනයාමේ අවශ්‍යතාවයක් දෑඩි ලෙස පෑනනෑගුනු අතර ඒ සදහා විදුලි සෝපාන වෙනුවෙන් ගොඩනැගිලි තුලම සිරස් අතට ඉදිකරන ලද කුලුණු කද (Elevator shafts) මගින් ගොඩනැගිලි තට්ටු වලට භාණ්ඩ ගෙනයාම පහසු විය.
එංගලන්තයේ ඩර්බිෂයර් හි එක් මෝල් හිමිකරුවෙකු වන විලියම් ස්ට්‍රට් විසින් ඔහු මුලින් දොඹකරයක් ලෙස හැඳින්වූ උපකරණයක් නිර්මාණය කළ අතර පසුව එය ටීගල් ලෙස හැඳින්විය.1803 දී නිෂ්පාදක ෆ්‍රොස්ට් ඔෆ් ඩර්බි විසින් මෙම උපකරණ විශාල වශයෙන් තැනීමේ කටයුතු ආරම්භ කරන ලදී. මෙම ටීගල් නම් සෝපානය විශාල වශයෙන් යොදාගනිනු ලෑබුවේ මෝල් වල මහල් අතර භාණ්ඩ හා කම්කරුවන් ප්‍රවාහනය සදහායි.එය වාෂ්ප බලයෙන් ක්‍රියා කරවු, පටි (belt) ආධාරයෙන් ධාවනය වන උපකරණයක් වු අතර එය ප්‍රති-බර පද්ධතියක් (Counterweight) සමග සම්බන්ධ කොට බලයක් යොදා සිරස්ව ඉදිකරන ලද කුහරයක් (shaft) තුල සමානුපාතිකව ඉහළ සහ පහල ක්‍රියාත්මක කර හෑකි විය. 1835 දී ස්ට්‍රට් ගේ මේ නිර්මාණය ඈමෙරිකාව හා එන්ගලන්තය දක්වාම විහිද ගියේය.
ටීගල් නම් සෝපානය |
ලන්ඩනයේ රීජන්ට් උද්‍යානයේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පින් වු බර්ටන් හා හෝමර් රෝමානු පෑලෑන්තියේ ප්‍රදර්ශනයක් වෙනුවෙන් කොලොසියම නම් ගොඩනැගිල්ලේ ගෝලාකාරව ගොඩනැගු කාමරයක් තුල සවි කෙරෙනු උපකරණයක් මගින් නගරයේ දර්ශනීය දසුන් නෑරබීමට එම ගොඩනැගිල්ලට පෑමිනෙන සංචාරකයින්ව අඩි 120 කට වඩා ඔසවා තැබිය. මෙය එවකට කා අතරත් ජනප්‍රිය වුයේ යම්කිසි රහස් බලයකින් ක්‍රියාත්මක වන උපකරණයක් ලෙසිනි. නමුත් මෙය වාශ්ප බලයෙන් ක්‍රියාත්මක වූ උපකරණයක් බව කාටත් අවබෝධ නොවීය.
ශ්‍රීමත් විලියම් ආම්ස්ට්‍රෝං විසින් 1846 දී හයිඩ්‍රොලික් දොඹකරය හඳුන්වා දීමත් සමඟ බොහෝ කර්මාන්තශාලා සහ පතල්, ජලය හෝ තෙල් පීඩනය මත යැපෙන හයිඩ්‍රොලික් සෝපාන(hydraulic lifts) භාවිතා කිරීමට පටන් ගත්හ. හයිඩ්‍රොලික් තාක්ෂණය සාමාන්‍යයෙන් වාෂ්පයෙන් ධාවනය වන කේබල් යෙදවු උපකරණ වලට වඩා ආරක්ෂිත යැයි සලකන ලදී. කෙසේ වෙතත්, හයිඩ්‍රොලික් සෝපාන සීමිත වූයේ හා වඩා ප්‍රචලිත නොවුයේ ගොඩනැගිල්ලේ උසට සරිලන ලෙස ඉතා ගැඹුරු කුහර පතුල් (Extend pit heights) අවශ්‍ය වූ නිසාය. මේ නිසා ආරක්ෂිත නොවූවද තවදුරටත් මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් කංසා වලින් නිශ්පාදිත ලනු (Hemp ropes) යෙදු සෝපාන භාවිතා කිරීමට එකල ජනයා උනන්දු විය.
19 වන ශතවර්ෂයේ මෑද භාගයේදී ඈමෙරිකාව තුල මේ සෝපාන කර්මාන්තය නව මුහුනුවරකට පත් වු අතර නිව්යෝර්ක් නගරයේ විසු මුල් සෝපාන නිශ්පාදකයෙකු වූ හෙන්රි වෝටර්මන් ජෝර්ජ් වී හෙකර් සහා බ්‍රදර්ස් සමාගම සදහා චෙරී විදියේ පිහිටි ක්‍රෝටන් පිටි මෝලෙහි සෝපානයක් සවි කරන ලදී.
මෙම සෝපානය 1840 ගණන්වල මැද භාගයේ තරම් ඉදි වූ අතර, රූප සටහන් සහිතව එහි සැලසුම පිළිබඳ ලිඛිත විස්තරයක් 1848 දී නිව් යෝර්ක් ට්‍රිබියුන් හි පළ විය.වෝටර්මන්ගේ සැලසුමට අනුව කරකැවෙන දබරයක් (windlass) සෝපාන කුහරයේ උඩ මට්ටමේ සවි වී තිබූ අතර එය එක් දිශාවකට භ්‍රමණය වන විට සෝපාන තට්ටුව උඩට එසවේ සහ එය ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වන විට සෝපාන තට්ටුව පහත් වේ.මේ අනුව සෝපාන තට්ටුව එසවීමේදී තට්ටුවට සම්බන්ධ කර තිබූ ලනුව දබරයේ ඈති බෙරය (Drum wheel) වටා එතී ඝර්ෂණ පාලනයක් සෝපානයට ලබාදිය හෑකි විය.එම නිසා වෝටර්මන්ට “ස්ථාවර කඹ පාලනය” යනුවෙන් හැඳින්වෙන තාක්ෂණික ක්‍රමවේදය සංවර්ධනය කිරීමේ ගෞරවය හිමි විය. එමෙන්ම වෝටර්මන් ගේ මෙම සෝපානය පිටට විවෘත වු කුහරයක ක්‍රියා කරවූ සෝපාන වහලයක් සහිත ප්‍රතම උපකරණය ලෙස ඉතිහාස ගත විය.
ජෝර්ජ් එච්. ෆොක්ස් සහ බොස්ටන් සමාගම වෝටර්මන් සහ ටීගල් වලට සමාන ආකාරයේ තාක්ෂණයක් භාවිතා කළහ. ඉස්කුරුප්පුවකට සමාන සර්පිල ගියරයක් (worm gear) මගින් සෝපානයට ක්‍රියාත්මක වීමේ බලය ලබාදිය හෑකි විය.මෙම සර්පිල ගියරයේ ප්‍රදාන වාසිය වුයේ අමතර තිරිංග පද්ධතියක් අවශ්‍යය නොවීමයි.
සර්පිල ගියරයේ සහ පොරකටු ගියරය අතර හටගන්නා (Spur gear) ඝර්ෂණ බලය නිසා සෝපානය නිශ්චලව තිබෙන විට එය පහලට ඈද වෑටීමේ බියක් හට නොනැගුනී. එමෙන්ම ෆොක්ස් සෝපාන සදහා ප්‍රතමයෙන්ම වානේ යෙදූ රෑහෑන් (Steel wire ropes) භාවිතා කිරීමේ ගෞරවයටද හිමිකම් කියයි.මෙම රෑහෑන් 1841 දී ඈමෙරිකාවේ ජෝන් රොබ්ලින් විසින් පලමුවෙන්ම නිශ්පාදනය කරන ලදී.
සෝපාන සදහා ආරක්ෂිත තිරිංග තාක්ෂණයන් පලමුවෙන්ම අත්හදා බලනු ලෑබුවේද ෆොක්ස් සහ සමාගම විසින්මය. එලීශා ඕටීස් මෙම තාක්ෂණය හදුන්වා දීමේ පුරෝගාමියා විය. ඔහුගේ තාක්ෂණය වුයේ සෝපාන වේදිකාව ඉතාවේගවත් වේගයකින් ගමන් කරන්නේ නම් තිරිංග යෙදෙන ආරක්ෂිත ආකාරයකටය.මෙය සෝපානයට සවි කෙරූ ලීවරයක් මිනිස් බලයක් යොදා ක්‍රියාත්මක කල යුතු විය.1854 දී නිව් යෝර්ක් නගරයේ ක්‍රිස්ටල් පැලස් හි පැවති ලෝක ප්‍රදර්ශනයේදී ඔටිස් සිය ආරක්ෂිත තිරිංග පද්ධතිය පිලිබඳව ලෝකයට නිරූපණය කළේ වේදිකාව මත නැගී හිතාමතාම සෝපානයේ කඹ රැහැන් කපා දැමීමට ඉඩ දීමෙනි.ඕටීස්ගේ උත්සාහය සාර්ථක විය සිතූ ලෙසටම තිරිංග ක්‍රියාත්මක විය. මෙය ඉතිහාසයේ රන් අකුරින් ලියවින. මෙයින් පසු ආරක්ෂිත තිරිංග යෙදු සෝපාන පිලිබඳ කතාබහ ඉතා ශ්‍රීඝ‍්‍රයෙන් ප්‍රචලිත වූ අතර එම නිසා මගී සෝපාන ගමන් පිළිබඳ මහජන විශ්වාසය ගොඩනැගීමට එය ඉවහල් විය. ඔටීස් පසුව පළමු පොදු මගී විදුලි සෝපානය ඊ.ඩබ්ලිව්. හොට්වාට් සහ මෑන්හැටන් සමාගමට අයත් දෙපාර්තමේන්තු සාප්පුවක ස්ථාපනය කළේය.
ඔටීස් ටෆ්ට්ස් මුද්‍රණ යන්ත්‍ර, ගිනි නිවීමේ උපකරණ සහ වාෂ්ප යන්ත්‍ර පිළිබඳ ඔහුගේ කාර්යයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ විය.නමුත් ඔහු සෝපාන කර්මාන්ත තාක්ෂණයේ ඉතිහාසයට විශාල දායකත්වයක් ලබා දුන්නේය. ඔහුගේ සමකාලීනයන් ගබඩාවල හා කර්මාන්තශාලා වල අවශ්‍යතා කෙරෙහි වඩාත් අවධානය යොමු කළ අතර, තනිකරම මගී යෙදුම් සඳහා විදුලි සෝපාන පුළුල් ලෙස භාවිතා කිරීම පිළිබඳව පුරෝකථනය කළ ප්‍රථමයා ටෆ්ට්ස් විය හැකිය.ඔහුගේ සෝපාන නිර්මාණයන්ට අසුන් ගෙන යාමට බංකු සහ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන දොරවල් සවි කර ඇති අංගසම්පූර්ණ කුටියක් ඇතුළත් විය. 1859 දී ඔහුගේ සැලසුම සඳහා පේටන්ට් බලපත්‍රයක්ද හිමි වන ලදී.එය සාමාන්‍ය රෑහෑන් සහ ස්පන්දන පද්ධති වලින් තොරවු අතර ඒ වෙනුවට යෝධ ඉස්කුරුප්පුවක් (Screw driving) මත රඳාපවතින අතර එය භ්‍රමණය වන දිශාවට අනුව සෝපානය ක්‍රියාකාරීත්වය තීරණය වේ.ටෆ්ට්ස්ගේ පළමු අවධානය යොමු වූයේ මගීන්ගේ ආරක්ෂාව සඳහා වන අතර, ඔහුගේ සැලසුම් මිල අධික හා ඉතා උස ගොඩනැගිලි වල ස්ථාපනය කිරීම ප්‍රායෝගික නොවන බව ඔප්පු විය. 1860 ගණන්වල මුල් භාගයේදී, ටෆ්ට්ස් හට විදුලි සෝපාන සැලසුම් සඳහා පේටන්ට් බලපත්‍ර කිහිපයක් ලැබුණි, ඒවා බහු කේබල්, සහ වැඩිදියුණු කළ මාර්ගෝපදේශ රේල් පීලි (Guide rails)සහ රෝලර් මාර්ගෝපදේශ(Guide roller)වලින් සමන්විත වූ අතර මෙම තාක්ෂණයන් තවමත් වර්තමාන අති නවීන විදුලි සෝපාන වෙනුවෙන්ද භාවිතා කරයි.
වර්ශ 1874 දී,ජේ.ඩබ්ලිව් මේකර්. සෝපාන පිලිබඳව කල් පෑවෑත්ම සහා මහජන සැක සංකා සහ ආරක්‍ෂාව පිළිබඳ ගැටළු සමනය කිරීමට සිතූ අතර 1887 දී ස්වයංක්‍රීය, ප්‍රති-සමතුලිත (Counter balanced)විදුලි සෝපාන දොරවල් සඳහා නිර්මාණය කරන ලදී. මේ වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක්ද මේකර්ට ලැබුණි.
1870 ගණන්වල අගභාගයේදී, ප්‍රංශයේ ලියොන් එඩොක්ස් සහ එංගලන්තයේ ශ්‍රීමත් විලියම් ආම්ස්ට්‍රෝංගේ ඒකාබද්ධ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස හයිඩ්‍රොලික් විදුලි සෝපාන නැවත කරලියට ඒමට පටන් ගත්තේය. 1867 දී පැරිස් ප්‍රදර්ශනයේදී ඔහුගේ “ආරක්ෂිත හයිඩ්‍රොලික් සෝපානය” ප්‍රදර්ශනය කිරීමෙන් එඩොක්ස් ඔහුගේ නිර්මාණයේ වේගය සහ ක්‍රියාකිරීමේ නිරවද්‍යතාවය ලෝකයට නිරාවරණය කළේය. ආම්ස්ට්‍රෝං අඩු ජල මට්ටම් පිළිබඳ ගැටළුව විසඳුවේ පීඩනය ගොඩනැගීම සඳහා “සමුච්චය”(Accumulator) සංවර්ධනය කිරීමෙනි.
ජර්මානු නව නිපැයුම්කරු වර්නර් වොන් සීමන්ස් විසින් 1880 දී පළමු විදුලි සෝපානය නිර්මාණය කරන ලදී. පැරිස් ප්‍රදර්ශනයේදී එඩොක්ස් විසින් ප්‍රථම වරට දිරිමත් වූ ඇන්ටන් ෆ්‍රීස්ලර්, සීමන්ස්ගේ විදුලි සෝපාන ආකෘතිය ගොඩනඟා තවදුරටත් සංවර්ධනය කළේය. සීමන්ස්ගේ අභිලාෂයන් මූලික වශයෙන් විදුලි දුම්රිය එන්ජින් සංවර්ධනය කිරීම කෙරෙහි වූ අතර , ෆ්‍රීස්ලර්ගේ කැපවීම විදුලි සෝපාන ක්ෂේත්‍රයට විය.ඔහු 1883 දී වියානා ප්‍රදර්ශනයේදී ඔහුගේම මූලාකෘතියක් හඳුන්වා දුන්නේය. උස පිලිබඳව සීමාවන් නොමැති වීමත් විදුලි සෝපාන වල වේගවත් බව හා ප්‍රායෝගික බවත් නිසා විදුලි සෝපානයක් සඳහා පළමු එක්සත් ජනපද පේටන්ට් බලපත්‍රයද 1887 දී ඇලෙක්සැන්ඩර් මයිල්ස් වෙත පිරිනමන ලදි.
විසිවන සියවස උදාවන විට විදුලි සෝපාන කර්මාන්තය විශාල දියුණුවක් අත්කර ගත්තේය. 1920 ගණන්වලදී ඈමෙරිකාවේ අහස උසට ගොඩනැගිලි හා මහල් නිවාස වේගයෙන් වර්ධනය විය. එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල සහ ක්‍රයිස්ලර් ගොඩනැගිල්ල වැනි ප්‍රධාන බිම් සලකුණු 1930 ගණන්වල ඉදිකරන ලදි.දෙවන ලෝක යුධ සමයේදී බොහෝ නිෂ්පාදකයින් යුද ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පටන් ගත් නමුත්, යුද්ධයේ අවසාන භාගයේදී සේවකයා ආපසු සිය රට බලා යාමට පටන් ගැනීමත් සමඟ නිවාස වෙළඳපොල ඉහළ ගියේය එමෙන්ම එම නිවාස සදහා විදුලි සෝපාන ඉල්ලුම ද වර්ධනය විය. 40 සහ 50 දශකය වන විට එය විදුලි සෝපාන කර්මාන්තයේ සහ ස්වයංක්‍රීයකරන තාක්ෂණයේ ස්වර්ණමය යුගයක් විය. එම යුගයේදී ප්‍රතම වරට ස්වයංක්‍රිය විදුලි බොත්තම්, අති නවීන තිරිංග පද්ධති, ආරක්ෂිත ස්වයංක්‍රිය දොරවල් අඩංගු විය.
60 සහ 70 දශකවල චුම්බක ප්‍රේරක මට්ටම් කිරීම(Magnetic inductor levelling), කණ්ඩායම් පාලනයන් (Group control)සහ උසස් සැලසුම් රෝලර් මාර්ගෝපදේශ (advanced guide rollers)විදුලි සෝපාන කර්මාන්තයේ අනිවාර්‍ය සම්මත උපකරණ බවට පත්විය. කේබල් වල ගුණාත්මක බව හා නව මෝස්තර මතු විය. ඒකාබද්ධ පරිපථ,LED, පරිගණක ඒකාබද්ධ පාලක (computer aided integrated circuits)සහ “ස්මාර්ට්” පද්ධති ලබා ගැනීමත් සමඟ මෙම සියවසේ අග භාගයේ දී විදුලි සෝපාන තාක්ෂණයේ වේගවත් දියුණුවක් දක්නට ලැබුණි.
තවත් ඔබට වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.
එතෙක් ඔබට සුභ දවසක්..!
Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤
මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා චෝදනා, සහ අඩුපාඩු comment හරහා යොමු කරන්න අමතක කරන්න එපා.
👇References :
🔰 Puwakaramba Building Solutions