කොහොමද යාළුවනේ!
ඔන්න ඉතින් අද ඉදන් මගේ Blog එකේ වැඩ පටන් ගන්නයි යන්නේ. ඉතින් මේ විදියට සතියකට සැරයක් තමා මම Post එකක් දාන්න හිතන් ඉන්නෙ, ඒවගේම තව මම හිතුවා ඉලෙක්ට්‍රොනික් කියන දේ ඕගොල්ලන්ට පරමාණුවේ ඉදලම කියා දෙන්න. හැබැයි මේක කට්ටියට නීරස වේවි මොනව කරන්නද ඒවාත් දැනගන්න එපැයි. හරි දැන් බයිලා ඇති දැන් වැඩේ පටන් ගමු.
පරමානු හා විද්යුත් ආරෝපන
මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම පාහේ සැකසී තියෙන්නෙ පරමාණූවලින් කියන එක ඕගොල්ලෝ අහලා ඇති. ඉතින් මේ පරමාණූව තව කොටස් 3කට බෙදෙනවා ඒවා නම්
- ඉලෙක්ට්‍රෝන
- නියුට්‍රෝන
- ප්‍රෝට්‍රෝන
යන උප පරමාණූක අංශු වේ. මේවායින් ප්‍රොට්‍රොන වල ඇත්තේ ධන(+) ආරෝපනයක් වන අතර, ඉලෙක්ට්‍රොන වල ඇත්තෙ ඍණ(-) ආරෝපනයකි. නමුත් නියුට්‍රෝන වල කිසිදු ආරෝපනයක් අඩංගු වන්නෙ නෑ. එනිසා නියුට්‍රොන ‘උදාසීන’ අංශු වර්ගයක් ලෙස හඳුන්වනු ලබනවා.
උප පරමාණුක අංශු පරමානුව තුල පිහිටා ඇති ස්ථාන
‘ප්‍රෝට්‍රෝන හා නියුට්‍රෝන’ යන උප පරමාණුක අංශු දෙවර්ගය පරමාණුවෙ කේන්ද්‍රය වන න්‍යෂ්ටිය තුල ස්ථීරව තැන්පත් වී පවති. ඒ අතර ඉලෙක්ට්‍රෝන පරමාණුවෙ න්‍යෂ්ටිය වටේ ඇති ශක්ති මට්ටම් තුල කැරකෙමින් (පරිභ්‍රමණය) පවතිනවා. එවගේම ඉලෙක්ට්‍රෝන වලට හැකියාවක් තිබෙනවා, තමා පරිභ්‍රමණය වන පරමානුවේ න්‍යෂ්ටියෙන් මිදී වෙනත් පරමාණුවක් කරා ඇදී යාමට. මෙලෙස පරමානුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වී යාම නිසා ඉලෙක්ට්‍රෝනයක් ඉවත්වූ පරමානුව ධන(+) ලෙස ආරෝපණය වෙනවා. එවගේම ඉවත් වී යන ඉලෙක්ට්‍රෝනය වෙනත් පරමාණුවක් හා සම්බන්ධ වූ විට එම පරමාණුව ඉලෙක්ට්‍රෝන අතිරික්තය නිසා ඍණ(-) ලෙස ආරෝපණය වීමද සිදුවෙනවා.(මෙලෙස පරමාණුවකින් ඉවත් වී යන්නේ අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන පමනි.)
පරමාණු ධන හා ඍණ ලෙස ආරෝපණය වන අයුරු
මේ විදියට පරමාණු + හා - ලෙස ආරෝපණය වෙන්නෙ කොහොමද කියලා අපි ‘කාබන්’ පරමාණුවක් උදාහරනයට අරගෙන විමසා බලමු.
ඉහත රූපයේ දැක්වෙන කාබන් පරමානුවෙ ව්‍යුහය තුල
- ඉලෙක්ට්‍රෝන- 6
- ප්‍රෝට්‍රෝන - 6
- නියුට්‍රෝන - 6
යනාදි වශයෙන් උප පරමාණුක අංශු අඩංගු වී තිබෙනවා. මෙහි නියෂ්ටියෙ ඇති ධන(+) ආරෝපිත ප්‍රෝට්‍රෝන ගණනට සමාන ඍණ(-) ආරෝපිත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් මෙම න්‍යෂ්ටිය වටා ඇති ශක්ති මට්ටම් තුල පරිභ්‍රමණය වෙමින් පවතිනවා. එනිසා එය ‘විද්‍යුත් වශයෙන් උදාසීන’ (ඒ කියන්නේ විදුලිය ගැලීමක් සිදුනොවන තත්වයේ) තත්වයේ පවතින බවට අප හදුන්වනවා.
නමුත් මෙයින් ඉලෙක්ට්‍රොනයක් ඉවත් වුවහොත් එහි තිබෙන්නෙ (+)ප්‍රෝට්‍රෝන 6කුත් (-)ඉලෙක්ට්‍රෝන 5කුත් පමණයි. එවිට මෙහි ධන ආරෝපිත ප්‍රෝට්‍රෝන ගණන වැඩි නිසා මෙය ධන(+) ලෙස ආරෝපනය වූවා සේ සලකනවා.
එවගේම ඉවත්වන ඉලෙක්ට්‍රෝනය වෙනත් කාබන් පරමාණුවක් සමඟ සම්බන්ධ වූ විට එම පරමාණුව තුල (+)ප්‍රෝට්‍රෝන 6කුත් එකතු වූ ඉලෙක්ට්‍රෝනය සමඟ (-)ඉලෙක්ට්‍රෝන 7කුත් අඩංගු වෙනවා. එවිට මෙහි ඍණ ඉලෙක්ට්‍රෝන ගණන වැඩි නිසා මෙය ඍණ(-) ලෙස ආරෝපනය වූවා සේ සලකනවා.
විද්‍යුත් ආරෝපන ගලායන අයුරු
විශාලඅප ඉහතදී සාකච්‍ඦා කල සංසිද්ධියේ ආකාරයට (+)ධන හා (-)ඍණ ලෙස ආරෝපණය වූ කොටස් දෙකකින් සමන්විත උපාංගයක් තමා අපි ‘වියලි කෝෂය’ නැතිනම් බැටරිය ලෙස හදුන්වන්නේ.
එහි එක් පසෙක (-)ඍණ ආරෝපණ විශාල අතිරික්තයක් පවතින අතර අනෙක් පස ඉලෙක්ට්‍රෝණ හිගයක් පවති. (එය + ධන අග්‍රය ලෙස හදුන්වයි.)
ඉහත රූපයේ පරිදි බැටරියකට විද්‍යුත් ආරෝපන ගලා යාමට හැකි වන පරිදි සන්නායකයකින්(වයරයකින්) දෙපස සම්බන්ධ කල විට (-)අග්‍රයේ ඇති -ආරෝපිත ඉලෙක්ට්‍රෝන සන්නායකය හරහා ගමන්කර (+)අග්‍රයේ පවතින ඉලෙක්ට්‍රෝණ හිගය වෙතට ආකර්ශනය වෙනවා.
මේ විදියට (-)අග්‍රයේ සිට (+)අග්‍රය කරා ඉලෙක්ට්‍රෝන සහිත විද්යුත් ධාරාවක් සන්නායකයක් හරහා ගමන් කිරීම අපි ‘විද්‍යුත් ධාරාව’ නැතිනම් විදුලිය ලෙස හඳුන්වනවා.
මේ විදියට (-)අග්‍රයේ සිට (+)අග්‍රය කරා ඉලෙක්ට්‍රෝන සහිත විද්යුත් ධාරාවක් සන්නායකයක් හරහා ගමන් කිරීම අපි ‘විද්‍යුත් ධාරාව’ නැතිනම් විදුලිය ලෙස හඳුන්වනවා.
මේ විදියට සන්නායකයකින් බැටරියේ අග්‍ර දෙක එකිනෙකට සම්බන්ධ කර ඇති විට නොකඩවා (-)අග්‍රයේ ඇති ඉලෙක්ට්‍රෝන (+)අග්‍රය කරා ගමන් කිරීම නිසා, දෙපසම ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් හෝ හිගයක් නොමැති උදාසීන තත්වයකට පත්වේ. එවිට අපි බැටරිය බැස ගොස් (විසර්ජනය) ඇති බවට හදුන්වනවා.
සම්මත විදුලි ධාරාව
විදුලි ධාරාව යනු ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම බව ඔබ දන්නවා. ඉලෙක්ට්‍රෝන යනු ඍණ ආරෝපණයක් බවත් ඔබ දැන් දන්නවා. ඒවගේම මම දැන් ඕගොල්ලන්ට කිව්වා, බැටරියේ (-) අග්‍රයේ ඇති ඉලෙක්ට්‍රෝන (+)අග්‍රය කරා ගලා යනවා කියලා සහ ඒකට අපි ඉලෙක්ට්‍රෝන සහිත ‘විද්‍යුත් ධාරාව’ (electron current) කියලා කියනවා කියලා. නමුත් පුදුමයකට මෙන් ඉංජිනේරුවේදය තුළ විදුලි ධාරාවක දිශාව ලෙස සලකන්නේ ඉහත සඳහන් ඉලෙක්ට්‍රෝන ධාරාවට ප්‍රතිවිරුද්ධ දිශාවයි. එයට “සම්මත (විදුලි) ධාරාව” (conventional current) යන නම භාවිතා වෙනවා. මේ අනුව, සම්මත ධාරාව හා ඉලෙක්ට්‍රෝන ධාරාව හැමවිටම එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ගමන් කරන්නාක් සේ පවතී.
මන්ද අතීතයේ විදුලිය සොයාගත් අවදියේදි විදුලිය ගලායන්නේ + සිට - දක්වා බවට එකල සිටි විද්‍යාගද්‍යින් විසින් විශ්වාස කලා, මොකද ඒකාලය වෙනකොට පරමාණූවේ තිබෙන උප පරමාණුක අංශූන්ගෙන් සොයාගෙන තිබුනේ ප්‍රොට්‍රෝනය සහ නියුට්‍රෝනය පමණයි. ඒනිසා ඔවුන් විශ්වාස කලේ විදුලිය ගලායාම සිදුවන්නේ + සිට - දක්වා ගලායාම සිදුවන 'උපකල්පිත ධන ආරෝපිත අංශු' මගින් වන බවටයි.
ඉතින් විදුලිය ගැන එතරම් දැනුමක් නොමැති මේ කාලයේ, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් යන විද්‍යාඥයා විසින් විදුලිය යනු කුමක්දැයි යම් විග්‍රහයක් කරලා තියෙනවා. ඔහුට අනුව, විදුලිය සන්නායකයක ඇති යම් “ධන ආරෝපිත අංශු විශේෂයක්” ගමන් කිරීම නිසා ඇති වන්නක් බව ඔහු පවසා තියෙනවා. ඇත්තටම ඔහු යම් තාක් දුරකට නිවැරදිය; එකම වැරද්ද එම ගමන් කරන අංශු ධන ආරෝපිත යැයි පැවසීමයි. ඔබ දැන් දන්නා පරිදි විදුලිය ඇතිවන්නේ ධන නොව ඍණ ආරෝපිත (ඉලෙක්ට්‍රෝන කියන) අංශුවල ගමන් කිරීම නිසාය. බෙන්ජමින්ගේ පැහැදිලි කිරීම එකල බොහොම ප්‍රචලිත විය. අනෙක් අතට දිශාවේ වැරද්ද හැරෙන්නට වෙන වැරද්දක් එම පැහැදිලි කිරීම තුළ නෑ. එනිසා, ඔහුගේ ධන අංශු ගමන් කිරීම යන විග්‍රහය අදටත් සම්මතයක් ලෙස භාවිතාවෙනවා.
නමුත් අතීතයේ සිදුවූ වරද නැවත නිවැරදි කිරීම වෙනුවට අතීතයේ කියූ පරිදි විදුලිය ගලායන සම්මත දිශාව ලෙස + සිට -දක්වා සිදුවන බවට හා එය "සම්මත ධාරාව" ලෙසින් පිළිගනු ලැබු අතර, එය කැපිටල් (I) අකුරෙන් සංකේතවත් කරන ලදි.
ඒවගේම අලුතෙන් සොයාගත් නිවැරදිව විදුලිය ගලායන දිශාව වන - සිට + දක්වා සිදුවන ඉලෙක්ට්‍රෝන ගලායාම "ඉලෙක්ට්‍රෝන ධාරාව" ලෙසින් නම් කරන ලද අතර, එය සිම්පල්(e) අකුරෙන් සංකේතවත් කරන ලදි.
- මෙලෙස සම්මත ධාරාව හා ඉලෙක්ට්‍රෝන ධාරව යනුවෙන් විද්‍යුත් ධාරාව දෙවිදියකට හදුන්වාදීම නිසා නවක ආධුනිකයන් හට බොහෝ ගැටලු වලට මුහුනදෙනවා. මෙය මුල් කාලයේ තරමක පැටලීමක් ඇති කළද ටික කලකින් එය මග හැරේ. {මටත් එහෙම වුනා...}
ඔබ හොඳින්ම මතක තබා ගත යුතු දේ නම්, පරිපථ නිර්මාණයේදී මෙන්ම ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගැනීමේදිත්, ධාරාව ලෙස අප සලකන්නේ සම්මත ධාරාව (බෙන්ජමින්ගේ ධාරාව) බවයි. බැටරියක් ගත හොත්, එහි ධන හා ඍණ යනුවෙන් අග්‍ර දෙකක් ඇත. එහි ඍණ පැත්තේ ඇත්තේ අතිරික්ත ඉලෙක්ට්‍රෝන ගොන්නකි. ධන පැත්තේ ඇත්තේ ඉලෙක්ට්‍රෝන හිඟයකි. එමනිසා, වයරයක් ඊට සම්බන්ධ කළ විට, වැඩිපුර තිබෙන ඉලෙක්ට්‍රෝන ඍණ අග්‍රයේ සිට ඉලෙක්ට්‍රෝන හිඟ කමින් පෙලෙන ධන අග්‍රය දක්වා කම්බිය දිගේ ගමන් කරයි. එහෙත්, අප සම්මත ධාරාව අනුව කියන්නේ, ධන අග්‍රයේ සිට ඍණ අග්‍රය දක්වා විදුලි ධාරාවක් ගලන බවයි. ඇත්තටම දිශාව අපට වැදගත් නැත. ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයට විදුලිය ගමන් කරනවා කිව්වත්, ඍණ අග්‍රයේ සිට ධන අග්‍රය දක්වා ධාරාව ගලනවා කිව්වත් අවුලක් නැත. අප සලකා බලන යම් පරිපථයක් තුළදී ඔබ අහවල් අග්‍රයේ සිට අහවල් අග්‍රයට ධාරාව ගමන් කරනවා කියා තීරණය කර, එම සම්මතය පමණක් අනිවාර්යෙන්ම එම පරිපථය තුළ භාවිතා කළ විට කිසිම පටලැවිල්ලකි ඇති නොවේ.
සම්මතයක් ලෙස විදුලිය ගලායන දිශාව ලෙස සලකනුයේ +අග්‍රයේ සිට - අග්‍රය කරා ගලායන 'උපකල්පිත ධන ආරෝපන' සහිත විද්‍යුත් ධාරාව වේ. '"එනම් ධන අග්‍රයේ සිට ඍන අග්‍රය ධාරාව ගලායන බවට සැලකේ.'"
ඉලෙක්ට්‍රෝන තාක්ෂණය යනු
කට්ටියට දැන් මතක ඇති මම කිව්වා 'ඉලෙක්ට්‍රෝන සහිත විද්යුත් ධාරාවක්' ගැන. ඉතින් අපි ඒ ධාරාව ට්‍රාන්සිස්ටර්,රෙසිස්ටර්,කැපෑසිටර් වැනි විවිධ විද්යුත් උපාංග භාවිතා කර ඉලෙක්ට්‍රෝන ගලායාම පාලනය කර එමගින් විවිධ ප්‍රථිඵල ලබාගන්නවා. ඒක තමා අපි ‘ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය’ නැතිනම් ‘ඉලෙක්ට්‍රෝනික විද්යාව’ ලෙස හඳුන්වන්නේ. ඒකත් හරියට අපි බට මාර්ගයෙන් වතුර පොම්ප කර වතුර බටයේ වතුර ගැලීම පාලනය කරන්න බෙන්ඩ් වර්ග,වෑල් වර්ග,ටැප් වර්ග ආදිය යොදාගෙන එයින් අපිට අවශ්ය ප්‍රයෝජන ගන්නවා වගේ වැඩක්.
හරි එහෙනම් අද පාඩම අවසන් කරන්න කලින් මේ වීඩියෝ එකත් බලාගෙන යන්නකෝ.
හරි එහෙනම් අද පාඩම අවසන් කරන්නයි යන්නේ. අද මම කතා කලේ
- පරමාණු
- විද්‍යුත් ආරෝපණ හා ආරෝපණ ගලායන අයුරු
- සම්මත විදුලි ධාරාව
- ඉලෙක්ට්‍රෝන තාක්ෂණය හැදින්වීම යන කරුනු පිලිබදවයි.
🔰 කතෘ අයිතිය : Electronic පන්තිය
තවත් ඔබට වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.
එතෙක් ඔබට සුභ දවසක්..!
Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤
මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා චෝදනා, සහ අඩුපාඩු comment හරහා යොමු කරන්න අමතක කරන්න එපා.
:d
ReplyDelete@HASHAN EDIRISINGHE
DeleteThanks :d
නියමයි.මේ ගැන දැනගන්න ගොඩක් අසාවෙන් හිටියේ.ඉතා හොද ආරම්භයක්.ගොඩක් වටිනවා.Tnx Bro
ReplyDeleteප්‍රතිචාරයට ස්තූතියි සහෝ..
Deleteඔබට ජයවේවා
ReplyDelete@මධුරංග
Deleteප්‍රතිචාරයට ස්තූතියි සහෝ..
HEY NIYAMAI
ReplyDelete@Sameera
DeleteThankz bro..
Supper
ReplyDelete